ඉශ්රායලයේ ගෝත්ර දොළොස අතරින් දුර්වලතම ගෝත්රයට අයත් තම පවුගේ බාලතමයා වූයේ ගිඩියොන්ය. එහෙත් දෙවියන්වහන්සේගේ වචනයට කීකරුවීමෙන් සොල්දාදුවන් 300දෙනෙකුගෙන් පමණක් ඔහුට 135,000ක් පරාජය කරගැනීමට හැකි විය. මෝසෙස් හා යෝෂුවාද දෙවියන්වහන්සේගේ වචනයට කීකරුවීමෙන් අමලෙක්වරුන්ට එරෙහිව තිබූ සටනින් ජයගත්තෝය. ඒ හා සමානව, අදත් සෑම තත්වයකම ඇති ජය පැමිණෙන්නේ දෙවියන්වහන්සේගේ උපකාරය විශ්වාස කිරීමෙන් හා උන්වහන්සේට කීකරුවීමෙන්ය.
‘සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය’ ලෙස යෙසායා අනාවැකි කළ ආකාරයට මේ පොළොවේ සියල්ල දෙවියන්වහන්සේගේ සැලැස්මට අනුව සිදුවන බව විශ්වාස කරන දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වන තැනැත්තන් සුළු දෙයක් ලෙස පෙනෙන දේදීත් ආශීර්වාද ලබන්නෝය.
ඔහු උන්වහන්සේට කථාකොට: ... බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි කීවේය. ස්වාමීන්වහන්සේද: සැබවින් මම නුඹ සමග සිටින්නෙමි, නුඹ එක්කෙනෙකුට මෙන් මිදියන්වරුන්ට පහරදෙන්නෙහියයි ඔහුට කීසේක.
විනිශ්චයකාරයන්ගේ පොත 6:15-16
නුඹේ සෙනඟ සියල්ලෝම ධර්මිෂ්ඨව, මා විසින් සිටෙවූ පැළයක්ව, මාගේ අත්වල කර්මාන්තයව සිට මා ගෞරව ලබන පිණිස සදාකාලේටම පොළොව භුක්ති විඳින්නෝය. කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. ස්වාමීවූ මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.
යෙසායා 60:21-22
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය