ආදම් හා ඒව හරහා බයිබලය පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේව සාක්ෂි දරයි.
‘ජීවමාන සියල්ලන්ගේ මවු’ කියා ඇමතෙන ඒව මානව වර්ගයාට මාංසික ජීවනය ලබා දෙන්නාක් මෙන් මානව වර්ගයාට සදාකාල ජීවනය ලබාදීම සඳහා මව් දෙවියන්වහන්සේ මේ පොළොවට පැමිණියේය.
දෙවියන්වහන්සේ ‘අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ...’ කියා පවසා පුරුෂයා හා ස්ත්‍රීය මැවූ අතර උන්වහන්සේ බයිබලයේ 2,500 වතාවකට වඩා සටහන් වී ඇති ‘එලෝහිම්’ [දෙවිවරු] යන බහු නාමපදය භාවිතා කළේය.
තවද සියල්ල මවක් තුළින් පමණක් ජීවනය ලැබීමේ විධානය හරහා මානව වර්ගයාට සදාකාල ජීවනය දෙන මව් දෙවියන්වහන්සේ ගැන උන්වහන්සේ සාක්ෂි දැරුවේය.
දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා
මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන්
ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.
තවද දෙවියන්වහන්සේ ‘අපගේ ස්වරූපයෙන්
අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ ...
උත්පත්ති 1:26-27
මනුෂ්‍යයා තමාගේ භාර්යාව ජීවමාන සියල්ලන්ගේ
මවු හෙයින් ඈට ඒව යන නම තැබීය.
උත්පත්ති 3:20
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය