ඉශ්රායෙල්වරුන් මිසරයෙන් පිටව ගිය විට පරම්පරා දක්වා පවත්වන්නට අණ කරමින් දෙවියන්වහන්සේ පළමුවෙන්ම පාස්කුවේ බලය හෙළි කර මෝසෙස්ගේ ව්‍යවස්ථාව තුළින් පාස්කුව ප්‍රකාශ කළේය. පසුව පාස්කුව පැවැත්වීමෙන් පසු දෙවියන්වහන්සේගේ සෙනග ප්‍රශංසාවට ලක් වී විනාශයන්ගෙන් ආරක්ෂා විය තවද සදාකාල ජීවනයේ ආශීර්වාද පිරිනමමින් යේසුස්වහන්සේද තම ගෝලයන් සමඟ පාස්කුව පැවැත්වුයේය.
පාස්කුව ක්‍රි.ව 325දී අවලංගු වූ හෙයින් සියලු සභාවන් මිත්‍යා දෙවියන්ගේ චාරිත්‍ර පවත්වමින් සිටියි. කෙසේවෙතත් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් තුළින් පරම්පරා දක්වා සෙනගට පැවැත්වීමට අණ කළාවූ පාස්කුවේ වැදගත්කම තේරුම්ගෙන එය පවත්වන්නෝය.
තවද රජ කථාකොට: මේ ගිවිසුම් පොතේ
ලියා තිබෙන ප්‍රකාර නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට
පාස්කුව පවත්වන්නැයි මුළු සෙනගට අණකෙළේය ...
තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද තමාගේ
මුළු ශක්තියෙන්ද ස්වාමීන්වහන්සේ වෙතට
හැරුණාවූ ඔහු හා සමාන රජෙක් ඔහුට
පළමුවෙන්වත් ඔහුට පසුවවත් නොසිටියේය.
2 රාජාවලිය 23:21-25
උන්වහන්සේ: නුවර අසවලා ළඟට ගොස්
ඔහුට කථාකොට- මාගේ කාලය ආසන්නය;
මාගේ ගෝලයන් සමඟ නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමියි
ආචාරීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක.
ගෝලයෝ යේසුස්වහන්සේ ඔවුන්ට අණකළ
ලෙස කොට, පාස්කුව පිළියෙළ කළෝය.
මතෙව් 26:18-19
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය