මෝසෙස් යේසුස්වහන්සේගේ සත්‍යතාවයේ අනාවැකිමය භූමිකාවයි.
රෙඵීඩිම්හිදී මෝසෙස් තම දෑත් ඔසවා සිටි බැවින් ඉශ්රායෙල් සෙනග
ජයගත්තෝය. මෙය යේසුස්වහන්සේ කුරුසිය මත එසවුණ නිසා
දෙවියන්වහන්සේගේ සෙනග සාතන්ට විරුද්ධව ඇති ආත්මික සටන
ජයගන්නා බවටවූ අනාවැකියකි.
ඉශ්රායෙල් සෙනග ගිනි සර්පයන්ගේ දෂ්ට කිරීමට ගොදුරු වී
ඔවුන්ගෙන් බොහෝ දෙනා මිය යන විටදී දෙවියන්වහන්සේ
‘සර්පයෙකු සාදා එය කුඹයක් පිට තබන්න; දෂ්ටකරනු ලැබූ
කවරෙකු නමුත් ඒ දෙස බැලීමෙන් ජීවත්වන්නේය’ කියා පැවසූහ.
කෙසේවෙතත් තමන්ව ගළවාගත් දෙවියන්වහන්සේගේ වචනයේ
බලය ඔවුන් අමතක කර වසර 800කට පසුවත් පිත්තල සර්පයාව
නමස්කාර කළෝය.
ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙවියන්වහන්සේගේ කෝපය ඇවිළීය.
මෙය අද මනුෂ්‍යයන්ද ක්‍රිස්තුස්වහන්සේ තම කැපකිරීමෙන් පිහිටෙවූ
අලුත් ගිවිසුම අමතක කරමින් කුරුසය නමස්කාර කිරීමෙන්
විනාශවන බවට පෙන්වාදෙන ඡායාවකි.
කුරුසය තබාගැනීම දෙවියන්වහන්සේගේ කැමැත්තක් නොවේ.
මුල් ක්‍රිස්තියානුවන්ට කුරුසය කිසිවක් නොව යේසුස්වහන්සේව
කුරුසිපත් කළාවූ ශාපලත් ගසක් පමණක් විය.
ස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද
වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින්
තබාගන්න මනුෂ්‍යයාට ශාපවේවා.
එවිට මුළු සෙනග ආමෙන් කියා උත්තරදෙත්වා.
ද්වීතිය කථාව 27:15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය