යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට වූ සදාකල උත්තම පූජකයෙකු වූයේ
මෙම යුගයේදීත්, උන්වහන්සේ පූජකයා ලෙස ඉටු කළ යුතු අලුත් ගිවිසුමේ පාස්කුව පවතින බැවිනි.
පරණ ගිවිසුම් කාලවලදී මෙල්කිසදෙක් රොටි සහ මිදියුෂෙන් ආබ්‍රහම්ට ආශීර්වාද කළාක් මෙන් යේසුස්වහන්සේද රොටි හා මිදියුෂ තුළින් මානව වර්ගයාට සදාකාල ජීවනයේ ආශීර්වාද පිරිනමන්නේය.
යේසුස්වහන්සේ මෙන් දෙවනවර පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේද අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් අපට සදාකාල ජීවනයේ ආශීර්වාද පිරිනමමින් මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට වූ උත්තම පූජකයෙකු ලෙස සේවය කළේය.
මෙම යුගයේදී දෙවියන්වහන්සේගේ පොරොන්දුව උරුමකරගන්නාවූ පොරොන්දුවේ දරුවන් බවට පත්විය හැක්කේ පරණ ගිවිසුමේ ආරෝන්ගේ පිළිවෙළ නොව අලුත් ගිවිසුමේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළ පිළිපදින්නාවූ අයට පමණි.
ඒ නිසා දෙවියන්වහන්සේ පොරොන්දුවේ
උරුමක්කාරයන්ට තමන්වහන්සේගේ අභිප්‍රාය
වෙනස් නොවන බව බොහෝසෙයින්ම
පෙන්වන්ට කැමතිව දිවුරුමකින් මැදිහත්වූසේක ...
යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට
සදාකාලේටම උත්තම පූජකයෙක් වී, අප උදෙසා
පෙරටුව යන්නෙක් මෙන් එහි ඇතුල්වූසේක.
හෙබ්‍රෙව් 6:17-20
එනම් ශුභාරංචිය කරණකොටගෙන ක්‍රිස්තුස්
යේසුස්වහන්සේ තුළ අන්‍යජාතීන් හවුල්
උරුමක්කාරයන් බවත්, ශරීරයේ හවුල් අවයවයන් බවත්,
පොරොන්දුවට හවුල්කාරයන් බවත්ය.
එපීස 3:6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය