ඒදන් උයන් එනම් පරණ ගිවිසුමේ ව්‍යවස්ථාව සහ යේසුස්වහන්සේගෙන් ස්ථාපිත වුණු අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාව යන සියල්ල අනාගතයේදී මනුෂ්‍ය වර්ගයාට දීප්තිමත් මහිමය සහ සතුට ලබා දීම සඳහා එලෝහිම් දෙවියන්වහන්සේ විසින් සකස් කරන ලදී.
අද දෙවියන්වහන්සේගේ ආඥා සහ ව්‍යවස්ථාවන් වලින් ඉවත් වීම අවනීතිය, දුෂ්ටකම සහ කැරැළිකාරකම ලෙස සලකන බව දෙවියන්වහන්සේ දානියෙල් අනාගතවක්තෘවරයා ඇතුළු බොහෝ අනාගතවක්තෘවරුන් හරහා අපට උගන්වයි.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් දෙවියන්වහන්සේගේ කුඩාම ඉගැන්වීම් පවා නොසලකා නොහැර බයිබලයට අනුව ක්‍රියා කරන ලෙස උපදෙස් දුන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේගේ සහ මව් දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් ඔවුන්ගේ හදවත් තුළ කැටයම් කරගන්නෝය.
යේසුස්වහන්සේ අලුත් ගිවිසුම් ව්‍යවස්ථාව ස්ථාපිත කර එය පැවැත්වීමේ ආදර්ශයක් පවා තැබූ බැවින්, ඔවුන් සබත් සහ පාස්කු ඇතුළු වාර තුනේ මංගල්‍යයන් හත පවත්වති.
ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධව කාරණ කියන්නේය ...
ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස්කරන්ට සිතන්නේය ...
එහෙත් විනිශ්චයකාර සභාව හිඳගන්නවා ඇත,
එවිට ඔවුන් ඔහුගේ ආණ්ඩුව ... ඒක පහකරනවා ඇත ...
උන්වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය,
සියලුම ආණ්ඩුද උන්වහන්සේට සේවයකර කීකරුවෙනවා ඇතැයි කීවේය.
කාරණාවේ තීන්දුව මේය ...
දානියෙල් 7:25-27
මා විසින් මාගේ ව්‍යවස්ථාවේ කාරණ
ඔහු උදෙසා දස දහස් ගණනකින් ලියතත්,
ඒවා අන්‍ය කාරණයක් කොට සලකනු ලබන්නේය.
හොෂෙයා 8:12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය