අප අලුත් ගිවිසුමේ ශුභාරංචිය විශ්වාස කර, ව්‍යවස්ථාව නිවැරැදිව තේරුම්ගෙන එය පවත්වන්නේ නම් අපට සදාකාල ජීවනය ලබා රාජකීය පූජකයන් වී දෙවියන්වහන්සේගේ රාජ්‍යයද උරුමකරගත හැකිය.
තවද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අපව සදාකාල ගැළවීමට එනම් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ නව යෙරුසලෙම් ස්වර්ගීය මෑණියන් වෙතට පමුණුවන්නේය.
යෙසායා ඇතුලු අනාගතවක්තෘවරු අපට පවසන්නේ ‘දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පැවැත්වීමට අවශ්‍ය නැත’ යන විශ්වාසය අපව පොළොවේ බොහෝ විපත් වලට ඇද දමන බවයි.
නියමකර ඇති ලෙස දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරන්නන් තම සිතිවිල්ලේ ඵලය ලෙස විපත් හා ශාපයට මුහුණ දෙද්දී දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පවත්වන අය ප්‍රීතිය, සතුට හා සමාදානය භුක්තිවිඳින්නෝය.
එබැවින් ජාතීනි, අසාපල්ලා, එම්බා සමූහයෙනි
ඔවුන් අතරේ සිද්ධවෙන දේ දැනගනිල්ලා.
එම්බා පොළොව, අසාපන්න. මෙන්න,
මේ සෙනග මාගේ වචනවලට ඇහුම්න් නොදී,
මාගේ ව්‍යවස්ථාව එපාකළ හෙයින්
මම ඔවුන්ගේ යෝජනාවල ප්‍රතිඵලය වන
විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි.
යෙරෙමියා 6:18-19
කුමක්හෙයින්ද ස්වාමිවූ යේසුස්වහන්සේ
තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ ඇවිළෙන්නාවූ
ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව්වී,
දෙවියන්වහන්සේ නාඳුනන්ටත් අපගේ ස්වාමීවූ
යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු
නොවන්නන්ටත් ප්‍රතිඵල දෙනකල,
නුඹලාට දුක් දෙන්නන්ට දුකද දුක් විඳින
නුඹලාට අප සමග සහනයද දීම දෙවියන්වහන්සේ
ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය.
2 තෙසලෝනික 1:7-8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය