සාතන් දෙවියන්වහන්සේගේ සෙනඟව ස්වර්ගයෙන් මේ පොළොවට පන්නා දැමීමට ඔවුන්ව රවට්ටා ඇති අතර, ඔවුන්ට කිසිදාක ස්වර්ග රාජ්‍යයට නැවත ඒමට නොහැකිවන ලෙස මුලා කර ඇත.
මේ හේතුවෙන් දෙවියන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේට නමස්කාර කිරීම වැළැක්වීම සඳහා ඔහු සබත සහ පාස්කුව අහෝසි කළ අතර, ඉරිදා නමස්කාරය සහ නත්තල් වැනි හිරු දෙවියන්ගේ සිරිත් විරිත් දෙවියන් වහන්සේගේ මාලිගාවට හඳුන්වා දුන්නේය.
එලියා දෙවියන්වහන්සේට පුද කළාවූ නමස්කාරය තුළින් බොරු අනාගතවක්තෘවරුන් 850 දෙනෙකු පරාජය කළ අතර, යේසුස්වහන්සේ සාතන් පරාජය කළේ “ඔබේ දෙවි වූ දෙවියන්වහන්සේ නමස්කාර කර උන්වහන්සේට පමණක් සේවය කරන්න” යන වචන වලින්ය. ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී, ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ අපට උගන්වා ඇත්තේ අලුත් ගිවිසුම පිළිපැදීමෙන්, අපට පව් කමාව ලබා ගැනීමටත් සදාකාලික ස්වර්ග රාජ්‍යය නැවත පැමිණීමටත් දෙවියන්වහන්සේ පමණක් සේවය කළ හැකි බවයි.
නුඹලා විසූ මිසර දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. මා විසින් නුඹලා පමුණුවනු ලබන කානාන් දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. ඔවුන්ගේ පනත් ලෙස නොහැසිරෙන්න. නුඹලා මාගේ විනිශ්චයයන් ඉෂ්ටකර මාගේ පනත් පවත්වා ඒවායේ හැටියට හැසිරෙන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. එබැවින් නුඹලා මාගේ පනත් සහ විනිශ්චයයන් පවත්වන්න. මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය. මම ස්වාමීන්වහන්සේ ය. ලෙවී කථාව 18:3–5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය